පොරොන්දු වලින් පිරී ඇති අවම වැටුප් සහිත රැකියාවක් - ගුරු වෘත්තිය

විජය කුමාර්

ගුරු වර්ජනය සඳහා මේ වනවිට මාසයක කාලයක් ගත වී ඇති අතර වර්ජනයේ යෙදී සිටින ගුරුවරුන් බිය ගැන්වීම සඳහා මර්දනය භාවිතා කරමින් සහ ලබන වසරේ අයවැය මඟින් විසඳුමක් ලබා දෙන බවට පොරොන්දු ලබා දෙමින් කාලය ලබා ගැනීමේ රජයේ උපාය මාර්ග ක්‍රියත්මක වන බව පෙනෙන්නට තිබේ. 

ගුරු වර්ජනය හේතුවෙන් අඩුපාඩුකම් බහුල, අසම්පූර්ණ මාර්ගගත ප්‍රවේශයක් තුළින් ලබා දෙන ඕනෑම සුළු අධ්‍යාපනයක් පවා කඩාකප්පල් කිරීමේ බලපෑමක් ඇති වී තිබේ. තම දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි ඇති කරන මෙම බලපෑමෙන් කැළඹී සිටින දෙමාපියන් විශේෂයෙන්ම අද රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේදී ගුරුවරුන්ගේ ඉල්ලීම් හා ක්‍රියාවන් සාධාරණ ද යන ප්‍රශ්නයට මුහුණ දෙමින් සිටියි.

ඔවුන්ගේ ඉල්ලීම් යුක්ති සහගත දැයි තීරණය කිරීමට පෙර, අද ගුරුවරුන්ට කොපමණ වැටුප් ගෙවනවා ද යන්න පිළිබඳව අපි දැනුවත් විය යුතු ය. ඉගැන්වීම සඳහා අවම සුදුසුකම් ඇති අ.පො.ස (උසස් පෙළ) ගුරුවරයෙකුගේ වැටුප් තලයන් ආරම්භ වන්නේ මාසිකව රු. 27,740කිනි. එනම්  දීමනා ලෙස ලැබෙන රු. 7,800 සමඟ (2019 ජූලි සිට ගෙවන ලද රු. 2,500 ඇතුළුව) මුළු මුදල රු. 35,540 ක් වේ. වසර 15ක සේවයෙන් පසු ඔහු/ඇය උපරිම වශයෙන් රු. 33,090 (දීමනා සමඟ රු. 40,890)ක වැටුපක් ලබයි. උපාධිධාරී ගුරුවරයෙකුගේ ආරම්භක වැටුප රු. 34,290 (දීමනා සමඟ රු. 42,090)ක් වන අතර, වසර 15 ක සේවා කාලයෙන් පසු එය රු. 45,050 (දීමනා සමඟ රු. 52,850)ක් වේ. මෙම වැටුප් මීට වසර 5 කට පෙර ස්ථාවර වූ අතර එම කාලය තුළ සී.සී.පී.අයි ජීවන වියදම් දර්ශකය 110.0 සිට 143.1 දක්වා 30%කින් ඉහළ ගොස් ඇත. 2019 ජූලි මාසයේදී ගෙවන ලද රු. 2,500ක දීමනාව ගුරුවරුන්ගේ වැටුපෙන් සියයට 5 ත් 7.5ත් අතර ප්‍රමාණයකින් හානිපූරිත විය. 2019 වසරේදී රු. 2,500 ක් ගෙවීමන් අනතුරුව, සී.සී.පී.අයි දර්ශකය 10%කින් ඉහළ ගොස් ඇත. රටේ අවම වැටුප් ලබන කාණ්ඩය ලෙස දිනකට රු. 1,000ක වැටුපක් ලබන වතු කම්කරුවන්ට වඩා ගුරුවරුන්ගේ අධ්‍යාපන මට්ටම තරමක් ඉහළ මට්ටමක පවතින හෙයින් මෙම වැටුප් මඟින් ඔවුන් තෘප්තිමත් නොවන බවට සැකයක් නැත.

ගුරුවරුන්ට මීට වඩා හොඳ වැටුපක් ලැබිය යුතු බව රජය පවා අවබෝධ කරගෙන සිටියි. ගුරුවරුන්ට වඩා හොඳ වැටුප් ලබා දීම සඳහා වන කැබිනට් පත්‍රිකාව 2020 පෙබරවාරි මාසයේදී එවකට අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව ඩේලි නිව්ස් වාර්තා කළේය. ජාතික වැටුප් කොමිසම විසින් ගුරු වැටුප් පරිමාණයන් ගෙවා අවසන් කරන තුරු ගෙවිය යුතු අතුරු දීමනාවක් සඳහා මුදල් ලබා දීමට භාණ්ඩාගාරය එකඟ වූ බව බව තවදුරටත් පෙන්නුම් කරමින් මාර්තු 5 වනදා ඊට කැබිනට් අනුමැතිය ලබා දී තිබූ අතර විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව නිවැරදි කරන බව වර්තමාන අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී එල් පීරිස් 2020 නොවැම්බර් මස පාර්ලිමේන්තුවේදී තහවුරු කළේය. එහිදී උසස් පෙළ සහ පහ වසර ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමේදී ගුරු සහයෝගීතාව අගය කරමින් ගුරුවරුන්ට ලැබිය යුතු දීමනාව අනුමත කර ගැනීමට තමා ගත යුතු “දැඩි උත්සාහය“ ඔහු අවධාරණය කළ අතර ඔහු එය අවසන් කරනු ලැබුවේ, “විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ වැටුප් විෂමතා නිවැරදි කර ගෞරවනීය වැටුප් තලයකට පත් කිරීමට පියවර ගන්නා“ බව පවසමිනි. කෙසේ වෙතත්, එකී අතුරු දීමනාව තවමත් එළි දැක නැත.

රජයේ බොහෝ ඇමතිවරුන් අදහස් පළ කර ඇත්තේ රජයේ ගුරුවරුන්ගේ ඉල්ලීම සාධාරණ නමුත් ගුරුවරුන්ගේ ගැටලු විසඳීම සඳහා ඊළඟ අයවැයෙන් කටයුතු කරන බවට නැවත සහතික වීම සිදුකරන අතරතුර කෝවිඩ්-19 තත්ත්වය හේතුවෙන් මෙවැනි ඉල්ලීම් කිරීමට හෝ වර්ජනය කිරීමට කාලය මෙය නොවන බවයි. එම නිසා, ගුරුවරුන්ගේ වැටුප් ගැටලුව ගත් කල, එය සැමවිටම අද නොව හෙට දිනයේ තදබදයක් ඇති කරන සිදුවීමකි. පොරොන්දු ඉටු නොකිරීමේ කලකිරීම සහ සාකච්ඡා ප්‍රමාදයන් තුළින් තමන්ගේ ක්‍ෂණික ගැටලු විසඳන්නේ නැති බව අවබෝධ වීම, සිසුන් වෙත තම සැළකිල්ල සහ සහකම්පනය ඇතිව ගුරුවරුන් කලාතුරකින් සිදුකරන ක්‍රියා මාර්ගයක් ලෙස - වර්ජනය තෝරා ගැනීම සහ එය අඛණ්ඩව සිදු කිරීමට ඔවුන්ව යොමු කරන ලදී. රජයට දුෂ්කරතා ගොඩනැගී ඇති සහ ජනප්‍රියත්වය පහළ ගොස් යැයි හැඟෙන මෙවන් අවස්ථාවක තම ඉල්ලීම් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා ගැනීම පිළිබඳව ගුරුවරුන්ට දොස් පැවරිය නොහැක.

කොවිඩ්-19 වසංගතය සහ රජය මුහුණ පා ඇති මූල්‍ය අර්බුදය හේතුවෙන් ගුරුවරුන් සිය ක්‍රියාවන් ප්‍රමාද කළ යුතු බවට ඇති තර්කයේ වලංගු බවක් ඇති පෙනේ. නමුත් දැන්, මේ මොහොතේ, මෙම ඉල්ලීම් අනුමත කිරීමට අනුමැතියක් නොදක්වන ඇමතිවරුන් විසින් මෙවැනි තර්ක ප්‍රවර්ධනය කරන අවස්ථාවක රු. බිලියන 3.7ක් වියදම් කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සිය ගණනක් ීඹඪ රථ ආනයනය කිරීම සහ ඔවුන්ගේ සගයන් විසින් ප්‍රවර්ධනය කරන ලද අනවශ්‍ය ව්‍යාපෘති සඳහා අරමුදල් අනුමත කිරීම සත්‍ය වශයෙන්ම ගැටලු සහගත ය. ගුරු සේවයට ඇතුළත් වීමට ඇති අවම සුදුසුකම අ.පො.ස. (උ/පෙළ) සමත් වීම ය, නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බොහෝ දෙනෙකුට අ.පො.ස (සා/පෙළ) සමත් නොමැති අතර ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ දත්ත නිකුත් කිරීම සක්‍රීයව වළක්වනු ලැබ තිබේ. එසේ නමුත් ඇස්තමේන්තු කර ඇති පරිදි ඔවුන්ගේ වැටුප මසකට රු. 250,000කි. රු. 80,000ක දීමනාව සහ රැස්වීම් ගාස්තුව හැර, ඔවුන්ට බොහෝ දීමනා ලැබේ හෝ, නැත්නම් දුරකථන වියදම් සඳහා රු. 50,000ක්, කාර්යාලයක් පවත්වා ගෙන යාමට රු. 100,000ක් සහ කොළඹ දිස්ත්‍රික් පර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අවම වශයෙන් රු. 30,000ක් සමඟ දුර පදනම් කරගත් ඉන්ධන දීමනාවන් ඔවුන් වගකිව යුතු නැති ප්‍රදාන ලෙස හැඳින්විය යුතු ද?

වැටුප් වැඩිවීම් ගෙවීමට නොහැකි වීම අදාළ වන්නේ ගුරුවරුන්ට පමණක් බව පෙනෙන්නට ඇත. ඒ මාස කිහිපයකට පෙර විදුලිබල මණ්ඩල සේවකයන් සිය වැටුපෙන් 25%ක් සහ ජල මණ්ඩලයේ පිරිස් ඊටත් වඩා වැටුප් වර්ධන ලබා ගත් හෙයිනි. වැටුප් වැඩිවීමක් කළ නොහැකි තැන වෙනත් උපාය මාර්ගයක් ඇති බව පෙනේ. ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු 2019 අගෝස්තු මාසයේ සිට නිලධාරීන් 2500කට වැඩි සංඛ්‍යාවක් (නිලධාරින්ගෙන් තුනෙන් එකක්) සහ සෙසු නිලයින් 55000 ක් වෙත (නිලධාරින්ගෙන් අඩකට වඩා) පැහැදිලිවම විවිධ වැදගත් යුද සංවත්සර සැමරීම වෙනුවෙන් ඊළඟ නිලයට උසස් කිරීම් ලබා දී ඇත. එසේම මේ වසර මුලදී ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් ගුවන් හමුදා නිලධාරීන්ගෙන් හතරෙන් එකකට සහ ගුවන් භටයින්ගෙන් පහෙන් එකකට සමාන උසස්වීම් ලබා දෙන ලදී. එවැනි පදනමක් මත උසස්වීම් ලබා දීමට භාණ්ඩාගාරය ආයතනවලට කඩාපනින්නේ කෙසේද යන්න සහ ඕනෑම යහපත් නොවන උත්සාහයන් සිදුකරන්නේ කෙසේද යන්න පිළිබඳව රජයට සම්බන්ධව වැඩ කළ ඕනෑම අයෙකු දනියි. මහා භාණ්ඩාගාරය ආශ්‍රයේ සන්නද්ධ හමුදාවන්ට වෙනස් නීති මාලාවක් ඇති බව පෙනේ.

එම නිසා මෙම සියලු නිදහසට කරුණු, විශේෂයෙන්ම ගුරුවරුන් නැවත වරක් බලහත්කාරයෙන් ඉවත් කිරීමේ උපාය මාර්ගයක කොටසක් බව පැහැදිලි වන අතරම, රජය විසින් යල්පැනගිය නිරෝධායන නීති භාවිතා කරමින් වර්ජකයින්ට පෙර නොවූ පරිදි පීඩාවන් සිදුකිරීම මත ඔවුන්ගේ අරගලය ලිහිල් කිරීම තුළින් අදහස් කෙරෙනුයේ ගුරුවරුන් තවදුරටත් තම අවම වැටුප තුළ සහ වැටුප් විෂමතා තුළ සිරවී සිටිනු ඇති බවයි.

රටේ අනාගත අධ්‍යාපනයේ සහ රජයේ පාසල්වල සිසුන්ගේ යහපත උදෙසා පීරිස් ඇමතිවරයාට අනුව අරමුදල් ලබා ගත හැකි බවට පොරොන්දු වූ අතුරු දීමනාව වහාම ගෙවීමට කටයුතු කළ යුතු අතර ඊළඟ අයවැයෙන් ගුරුවරුන්ගේ වැටුප් ගැටලු විසඳන බවට සහතික වීම සඳහා රජය කටයුතු කළ යුතු ය. මෙම ගැටළුව විසඳීමට හදිසියක් නොමැතිකම තුළින්ම රජයේ පාසල් වල ඉගෙනුම ලබන, රජයේ (හෝ විපක්ෂයේ) දේශපාලනඥයින්ගේ දරුවන් ප්‍රමාණය කොපමණක්දැයි සිතා ගැනීම අපහසු නොවේ.

(මහාචාර්ය විජය කුමාර්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති, සම්මානිත මහාචාර්ය)